මෘදුකාංග නිර්මාණ රටා පුහුණුව

නැවත නැවත ඇතිවන මෘදුකාංග නිර්මාණ ගැටළු සඳහා මෘදුකාංග නිර්මාණ රටා ප්‍රත්‍යක්ෂ විසදුම් ලබා දේ. ඒවා භාවිතය මෘදුකාංග නිර්මාණවල ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. එබැවින් අවසාන මෘදුකාංගයේ ගුණාත්මකභාවය ද වැඩි දියුණු වේ. මෘදුකාංග නිර්මාණ රටා භාවිතය පිළිබඳ දැනුම සහ හැකියාව නව මෘදුකාංග ඉංජිනේරුවන් ඔවුන්ගේ විෂය ක්ෂේත්‍රයේ දක්ෂයින් බවට පරිවර්තනය කරයි.

මෙම පුහුණුව මෘදුකාංග නිර්මාණ රටා පිටුපස ඇති සංකල්ප හඳුන්වා දෙන අතර Design patterns, architectural patterns සහ idioms වෙන්කර හඳුන්වා දේ. බොහෝ මෘදුකාංග පද්ධති, රාමු, මෙවලම් සහ පුස්තකාල වලින් උදාහරණ රාශියක් සමඟ නිර්මාණ රටා ගණනාවක් සාකච්ඡා කෙරේ. Gang-of-Four නිර්මාණ රටා ලෙස ජනප්‍රියව හැඳින්වෙන සියලුම නිර්මාණ රටා විස්තරාත්මකව ආවරණය වේ.

පුහුණුවේ අරමුණු

පුහුණුව අවසානයේදී සහභාගිවන්නන්ට පහත සඳහන් හැකියාවන් ලැබෙනු ඇත:

  1. නව නිර්මාණ ගැටළු විසඳීමේදී සහ/හෝ පවතින නිර්මාණ වැඩිදියුණු කිරීමේදී නිර්මාණ රටා භාවිතා කිරීම.
  2. නිර්මාණ රටා මොනවාද යන්න සහ නිර්මාණ රටා වල වටිනාකම විස්තර කිරීම.
  3. වස්තු නැඹුරු ක්‍රමලේඛනයේ (OOP) මූලික සංකල්ප පැහැදිලිව සහ ඒ එක් එක් OOP සංකල්පයේ වටිනාකම සමඟ විස්තර කිරීම.
  4. Design patterns, architectural patterns සහ idioms වෙන්කර හඳුනා ගැනීම.
  5. සියලුම Gang-of-Four නිර්මාණ රටා භාවිතය.
  6. දැනුම අන් අය සමඟ බෙදා ගැනීමට හෝ අනාගත භාවිතය සඳහා නව නිර්මාණ රටා හඳුනාගෙන ලේඛනගත කිරීම.
ඉලක්ක කෙරෙන කණ්ඩායම්
  1. නිර්මාණ රටා පිළිබඳ හොඳ දැනුමක් ලබා ගැනීමට කැමති පළපුරුදු හෝ නව මෘදුකාංග සංවර්ධකයින්.
පෙර සුදුසුකම්
  1. වස්තු නැඹුරු ක්‍රමලේඛන භාෂාවක් (Java, C++, C# හෝ OOP සහිත PHP වැනි) පිළිබඳ මූලික දැනුම අවශ්‍ය වේ.
ඉගැන්වීම කෙරෙන භාෂාව
ඉංග්‍රීසි හෝ ඉංග්‍රීසි වචන අඩංගු සිංහල
කාලය

සම්පූර්ණ දින 3 කෝ පැය 24 ක් සම්පූර්ණ වන පරිදි කොටස් වශයෙන්

ගාස්තුව

පොදුවේ පවත්වනු ලබන පුහුණුවට එක් වේ නම් එක් අයෙකු වෙනුවෙන් අය කෙරන ගාස්තුව රුපියල් 15000 කි.

විශේෂ ඉල්ලීම් මත පවත්වනු ලබන පුහුණුකිරීම්වලදී අයකෙරන ගාස්තු පිළිබඳ දැනගැනීම සඳහා මෙම පිටුව බලන්න.

පුහුණුකරු (හෝ පුහුණුකරුවන්)

කමල් වික්‍රමනායක (විස්තර)

පුහුණුවේ අන්තර්ගතය
  1. Introduction
    • What are design patterns?
    • Why patterns are important?
    • An example design pattern
  2. Essentials/Concepts
    • Elements of a pattern
    • Pattern documentation
    • Anti-patterns
  3. Pattern Classification
    • Pattern systems and pattern languages
    • POSA classification scheme
    • Gang-of-Four classification scheme
  4. POSA Patterns (Overview only)
    • Architectural patterns
    • Design patterns
    • Idioms
  5. OOP Fundamentals
    • Abstraction
    • Encapsulation
    • Inheritance
    • Polymorphism
  6. Gang-of-Four Design Patterns
    • Creational patterns
    • Structural patterns
    • Behavioral patterns
  7. Applying Design Patterns
    • Identifying the problem
    • Selection of a pattern
    • Modifying the selection and applying
  8. Detailed Case Study - 1
    • Internals of JUnit regression testing framework
  9. Detailed Case Study - 2
    • Moving towards architectural patterns in multi-tier systems