PHP භාෂවෙන් ඩෙටාබේස් භාවිතා කෙරෙන වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් නිර්මාණය කිරීම පිළිබඳ පුහුණුව

PHP යනු වෙනස්වන අන්තර්ගතයන් ඇති වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් නිර්මාණයට බහුලව භාවිතා කෙරෙන පරිගණක ක්‍රමලේඛන භාෂාවකි. එය සරළ මෙන්ම සංකීර්ණ පද්ධති සැකසීම සඳහා භාවිතා කෙරේ.

මෙම පුහුණුවේදී PHP භාෂාව පිළිබඳ මූලික කරුණු මෙන්ම එහි සංකීර්ණ භාවිතයන් පිළිබඳ ඉගැන්වේ. පුස්තකාල (libraries), දත්ත සමුදාය පද්ධති (database), නොයෙකුත් යෙදුම් රාමු (application frameworks), මෙවලම් (tools), PHP මගින් වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් සැකසීමේදී භාවිතා කෙරෙන උචිත පුරුදු (best practices) හා ආරක්ෂාව පිළිබඳ අවධානය ඇතිව වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් නිපදවීම පිළිබඳ මෙම පුහුණුවේදී ඉගැන්වේ.

පුහුණුවේ අරමුණු

පුහුණුව අවසානයේ පුහුණුවන්නන් හට පහත සඳහන් දෑ කිරීමට හැකි වනු ඇත:

  1. PHP භාෂාව භාවිතයෙන් MVC නිර්මාණ ශිල්පයට අනුරූප චෙබ් අඩවි හා වෙබ් යෙදුම් නිපදවිම.
  2. PHP භාෂාව භාවිතයෙන් වස්තු නැඹුරු ක්‍රමලේඛනය (object oriented programming).
  3. යෙදුමක දත්ත පවත්වාගැනීම පිණිස දත්ත සමුදායක් (database) භාවිතා කිරීම.
  4. PDO පුස්තකාලය භාවිතයෙන් දත්ත සමුදාය පද්ධතිවලට පිවිසීම.
  5. PHP යෙදුම් නිදොස්කරණය (debug).
  6. Login/logout හැකියාවන් ඇති සැසි භාවිතය (session tracking).
  7. ආරක්ෂිත වෙබ් අඩවි සහ යෙදුම් නිර්මාණය කිරීම.
  8. Composer පුස්තකාල භාවිතය.
ඉලක්ක කෙරෙන කණ්ඩායම්
  1. මෘදුකාංග නිපදවන්නන්
  2. උසස් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්
  3. පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ උනන්දුවක් දක්වන පරිගණක භාවිතයට හුරුවක් ඇති පාසැල් සිසු සිසුවියන්
පෙර සුදුසුකම්
  1. පරිගණක භාවිතා කිරීමට හැකි විය යුතුයි. ක්‍රමලේඛනය පිළිබඳ දැන සිටීම අත්‍යාවශ්‍ය නොවේ.
  2. HTML සහ CSS පිළිබඳ දැන සිටීම අත්‍යවශ්‍ය නැතත් පහසුවක් විය හැක.
ඉගැන්වීම කෙරෙන භාෂාව
ඉංග්‍රීසි හෝ සිංහල
කාලය

දින 4 (පැය 32 පමණ)

ගාස්තුව

අප විසින් පොදුවේ පවත්වනු ලබන පුහුණුවට සහභාගී වේ නම් එක් අයෙකුගෙන් අය කෙරෙන ගාස්තුව: රු. 20000/= (ශ්‍රී ලංකා රුපියල්)

ඔබගේ විශේෂ ඉල්ලීමක් මත මෙම පුහුණුව පැවැත්වීමට අවශ්‍ය නම් ගාස්තු සඳහා මෙම පිටුව බලන්න.

පුහුණුකරු (හෝ පුහුණුකරුවන්)

කමල් වික්‍රමනායක (Profile)

පුහුණුවේ අන්තර්ගතය
  1. PHP - Basics
    • Anatomy of a PHP page
    • PHP request processing mechanism
    • General programming with PHP (data types, variables, expressions, operators, functions, flow control)
    • Object oriented coding with PHP
    • Namespaces
    • Include path
    • Exceptions
    • Constants
    • Handling form submissions
    • Working with URL parameters
  2. PHP - Intermediate
    • Theme based web site implementation
    • Handling file uploads
    • Working with cookies
    • Session tracking
    • Basic database connectivity
    • Using PDO as a database abstraction layer
    • Sending emails
    • Regular expressions
    • Debugging a PHP application
    • Using Composer packages
  3. PHP - Advanced
    • System process execution
    • passthru functions
    • Output buffering
    • Memory usage adjustment
    • Script execution time adjustment
    • Error display configuration
    • PHP execution modes and implications (PHP module vs FPM)
    • Using URL rewriting features of a web server
  4. PHP - Security
    • HTTP Basic authentication
    • Form based authentication
    • Password hashing
    • Access restriction with .htaccess (Apache web server specific)
    • SQL injection and prevention
    • Cross site scripting (XSS) attack prevention
    • Cross site request forgery (CSRF) attack prevention
    • Secure coding practices
  5. PHP - Other Topics
    • MVC (Model-Veiw-Controller) implementation of web applications
    • Overview of generating and serving content types other than HTML