You are here

පරිගණක ක්‍රමලේඛනයට ආරම්භයක් (in Sinhala)

විස්තරය:

පරිගණක වැඩ සටහනක් නිපැදවීමේදී එම වැඩ සටහන කෙසේ ක්‍රියා කළ යුතු දැයි අඩු තරමින් එක් පරිගණක ක්‍රමලේඛන භාෂාවක් වත් භාවිතා කොට සඳහන් කිරීමට අවශ්‍ය වේ. පරිගණක භාෂාවක් භාවිතා කිරීමේදී එම භාෂාවේ වචන මාලාව, අර්ථවත් ප්‍රකාශන සැකසෙන ලෙස වචන භාවිතය සහ අවශ්‍ය හැසිරීම ලබාගත හැකි පිළිවෙළට ප්‍රකාශන පෙළගැසුම ගැන දැනගැනීම අවශ්‍ය වේ. මෙම පුහුණුව පයිතන් යන ජනප්‍රිය පරිගණක ක්‍රමලේඛන භාෂාව භාවිතා කොට පුහුණුවන්නාව ඒ වෙත යොමු කරයි. පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම පිණිස වෙනත් පරිගණක ක්‍රමලේඛන භාෂාමය උදාහරණ ද අවශ්‍ය අවස්ථාවන්හිදී ගෙන හැර දක්වනු ලැබේ.

පුහුණුවේ අරමුණු:

පුහුණුවට සහභාගී වන්නාට පුහුණුව අවසානයේදී පහත සඳහන් දෑ හැකි වනු ඇත:

  1. Describe different generations of programming languages
  2. Work with variables and appropriate data types
  3. Use various program flow control mechanisms
  4. Use various operators
  5. Use error handling features of the language
  6. Use and write Python modules
  7. Use and create Python packages
  8. Demonstrate beginner level familiarity with the Python Standard Library
  9. Use comments to document the code
  10. Follow coding styles
  11. Describe object oriented programming concepts
  12. Write object-oriented code using Python
  13. Use an IDE to write and debug Python programs
  14. Write beginner level multi-threaded applications
  15. Write beginner level client-server software
  16. Write beginner level GUI applications

ඉලක්ක කෙරෙන කණ්ඩායම්:

  1. පරිගණක ක්‍රමලේඛනයට උද්‍යෝගී අය
  2. පයිතන් භාෂාවට ලැදි අය
  3. පාසැල් දරුවන් - අඩු තරමින් 9 වන වසරේ වත් ඉගෙන ගන්නවා ඇතැයි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වේ. කෙසේ වෙතත් මෙම පුහුණුවෙන් වෘත්තීයමය කුසලතාවයන් වර්ධනය කෙරුම ඉලක්ක කෙරේ.
  4. පරිගණක පද්ධති පරිපාලකයින්, ජාල පරිපාලකයින්
  5. පරිගණක ක්‍රමලේඛනයට යොමුවීමට කැමති උපාධි අපේක්ෂක සහ උපාධිධාරී සිසු සිසුවියන්
  6. පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ හැකියාව වර්ධනය කරගැනීමට උවමනා මෘදුකාංග කර්මාන්තයේ හෝ වෙනත් කර්මාන්තයන්හි යෙදී සිටින වෘත්තිකයින්

පූර්ව සුදුසුකම්:

  1. පරිගණක භාවිතා කිරීම පිළිබඳ සාමාන්‍ය හැකියාව. ක්‍රමලේඛනය පිළිබඳ පෙර හැකියාවක් අපේක්ෂා නොකෙරේ.

සන්නිවේදන භාෂාව:

සිංහල. ඉංග්‍රීසි වචන මිශ්‍රිතයි. ඉංග්‍රීසියෙන් පමණක් පැවැත්වෙන පුහුණුවක් ද පවතියි: "Introduction to Computer Programming"

ආකාරය:

අන්තර්ජාලය හරහා. පුහුණුවට සහභාගී වන අයට අපගේ ඔන්ලයින් ට්‍රේනින් මැනේජ්මන්ට් සිස්ටම් එකට පිවිස පුහුණුව කරගෙන යා හැක. Audio/video කොන්ෆරන්සින් හැකියාවන් භාවිතා කෙරෙන තත්‍ය කාලීන් සාකච්ඡාවන් නොපැවැත්වේ. පුහුණුව ලබන්නා විසින් කියවා බලා උගත යුතු සහ පිළිපැදිය යුතු උපදෙස් අඩංගු ලියා ඇති පාඩම් බොහෝ විට භාවිතා වේ. පුහුණුව ලබන්නන් වෙත යොමු කෙරන පැවරීම් අනුසාරයෙන් ඔවුන්ගේ ඉගෙනීම අධීක්ෂණය කෙරේ. පුහුණුව ලබන්නන්ට ඇති ප්‍රශ්න ඔන්ලයින් ට්‍රේනින් මැනේජ්මන්ට් සිස්ටම් එකේ ෆෝරම් එකට යොමු කර පිළිතුරු ලබා ගත හැක. අවශ්‍ය අවස්ථාවන්හිදී පෞද්ගලික මග පෙන්වීම් කෙරේ.

පද්ධති අවශ්‍යතා:

අන්තර්ජාල සම්බන්ධතාවය සහිත පරිගණකයක්, වෙබ් බ්‍රවුසරයක්, හෙඩ්ෆෝන් හෝ ස්පීකර්. මයික්‍රෆෝනයක් අවශ්‍ය නොවේ.

කාලය:

පළමු කණ්ඩායම සඳහා මාස 2-3 කාලයක් වැය වනු ඇත. පසු සහභාගී වන්නන්ට තමන්ට හැකි වේගයකින් පුහුණුව කළ හැක. සහභාගී වන්නෙකු පූර්ණ කාලීනව පුහුණුවේ යෙදේ නම් සාමාන්‍යයෙන් සති 2-3 පමණ කාලයක් පුහුණුව සම්පූර්ණ කිරීම පිණිස යොදා ගනු ඇත.

පුහුණුවේ ගාස්තුව:

අන්තර්ජාලය හරහා කෙරෙන පුහුණුවේ දී එක් සහභාගී වන්නෙකු සඳහා ශ්‍රී ලංකා රුපියල් 3000/= ක් (තුන් දහසක්) අය කෙරේ.

ප්‍රශ්න සහ පිළිතුරු:

  1. පුහුණුව අවසාන කළ අයෙකුට රැකියාවක් ලබාගත හැකි වේද?
    පුහුණුවට සහභාගී වූ අයෙකු පරිගණක ක්‍රමලේඛනය ගැන ලබා ඇති අධ්‍යාපනය මෙම පුහුණුවට පමණක්ම සීමා වේ නම් රැකියාවක් ලබා ගැනීම කලාතුරකින් පමණක් සිදුවිය හැක. රැකියා ලබා දෙන සේව්‍යයන් විසින් දක්ෂ ක්‍රමලේඛකයෙකු ලෙස පිළිගැනීමට නම් පුහුණු වන්නා ලබා තිබිය යුතු අතිරේක දැනුම් සහ නිපුණතාවයන් පවතියි. මෙම පුහුණුව වැඩිපුර ඉගෙන ගැනීමට යොමු වන අයට මනා ආරම්භයක් ලබා දේ.
  2. ගාස්තු ගෙවීම කෙසේ කළ යුතු ද?
    පුහුණුවට ලියාපදිංචි වන්නන් වෙත ඊ-මේල් භාවිතයෙන් අපගේ බැංකු ගිණුමේ විස්තර එවනු ලැබේ. ගෙවීම සනාථ කර ගැනීමට එම ගිණුමට මුදල් දැමීමෙන් පසු බැංකු රිසිට් පතේ පැහැදිලි ඡායාරූපයක් හෝ මෘදු පිටපතක් (soft copy) අප වෙත ඊ-මේල් හරහා ලැබීමට සලස්වන්න.
  3. ගෙවීම් ආපසු දීමේ ප්‍රතිපත්තිය කුමක්ද?
    ගෙවීම් ආපසු ලබා දෙනු නොලැබේ. ගෙවීම කරන ලද අයෙකු පුහුණුව ආරම්භ කිරීමට පෙර අප වෙත දැනුම් දුනහොත් එම ගෙවීම කරන ලද කෙනා විසින් නම් කරනු ලබන වෙනත් අයෙකුට එම ගෙවීම වෙනුවන් පුහුණුවට සහභාගී වීමට අවස්ථාව ලබා දෙනු ලැබේ.

පුහුණු කරන්නා:

කමල් වික්‍රමනායක (විස්තර)

පුහුණුවේ අන්තර්ගතය:

  1. Getting Familiar
    • What is involved in writing computer programs?
    • Generations of programming languages
    • Interpreted and compiled programs
    • Comparison of some popular programming languages
  2. Variables and Data Types
    • Declaration, initialization and default values
    • Scope of variables
    • Type casting
    • Numeric data types
    • Text data types
    • Date and time data types
  3. Flow Control
    • Branching
    • Looping
    • Subroutines
  4. Operators
    • Assignment operator
    • Arithmetic operators
    • Boolean operators
    • Comparison operators
    • Bitwise and bitshift operators
    • Unary, binary and ternary operators
    • Operator precedence
  5. Modules
    • Writing a module
    • Standard library
  6. Working with Numbers
    • Floating point calculation errors
    • Rounding
  7. Working with Text
    • String operations
    • Conversion to numbers
    • Output formatting
    • Pattern matching with regular expressions
  8. Working with Dates and Times
  9. Code Documentation
  10. Coding Styles
  11. Working with an Integrated Development Environment (IDE)
    • Widely used features of an IDE
    • Project organization
    • Running code
    • Debugging
  12. Object Oriented Programming
    • Fundamentals of Object Oriented Programming
    • Classes Vs objects
    • Attributes and methods
    • Garbage collection
    • Shallow/deep copy
  13. Error Handling
    • What leads to errors?
    • What to do when errors occur?
    • Catching and handling errors
  14. Data Structures
    • Lists
    • Tuples
    • Sequences
    • Sets
    • Dictionaries
  15. Input/Output
    • Standard in, out and error
    • Reading and writing files
  16. Packaging
  17. Multi-threaded Applications
    • Writing a basic multi-threaded application
  18. Networking
    • Writing a basic server and a client
  19. Graphical User Interface (GUI) Applications
    • Writing a basic GUI application

Schedule details

Date(s) Time Mode Fee
2020 ඔක්තෝබර් 27 දින සිට ඉදිරියට. කැමති වෙලාවක සහභාගී විය හැක. අන්තර්ජාලය හරහා සහභාගී විය හැක. රුපියල් 3000/= Enroll Now